මහනුවර තදබදයට විසඳුමක්.. තවත් සති කිහිපයකින් ජනතා අයිතියට

LIVE

මහනුවර නගරයේ රථවාහන තදබදයට විසඳුමක් ලබාදෙමින් ඉදිකෙරෙන මහයියාව නව මගී හා වාහන උමං මාර්ගයේ අවසන් අදියරේ ඉදිකිරීම් කටයුතු අද (20) නිරීක්ෂණය කිරීම සදහා අමාත්‍ය බිමල් රත්නායක සහ නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන එක්විය.

මේ වනවිට ව්‍යාපෘතියේ භෞතික ප්‍රගතිය 80%ක් පමණ වන අතර ඉතිරි ඉදිකිරීම් කටයුතු කඩිනමින් අවසන් කිරීම පිළිබඳව ව්‍යාපෘති නිලධාරීන් සහ ඉංජිනේරුවන් සමඟ එහිදී අමාත්‍ය බිමල් රත්නායක සහ නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන තවදුරටත් සාකව්ඡා කළේය.

මහනුවර – යාපනය ප්‍රධාන මාර්ගයේ කිලෝමීටර් 2+064 සහ 2+097 අතර ඉදිකෙරෙන මෙම උමං මාර්ගය මීටර් 31.7ක දිගකින්, මීටර් 21ක පළලකින් සහ මීටර් 6.15ක උසකින් යුක්තය. ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 650ක පමණ මුදලක් වැය කෙරෙයි.

මහනුවර නගරයට දිනපතා පිවිසෙන ජනතාවගේ ගමනාගමනය වඩාත් පහසු කිරීමත්, වත්තේගම, මාතලේ, කුරුණෑගල, අනුරාධපුරය, පොලොන්නරුව සහ යාපනය ඇතුළු ගමනාන්ත වෙත ගමන් කරන වාහන සඳහා වඩාත් කාර්යක්ෂම ගමනාගමන පහසුකම් සැලසීම මෙහි ප්‍රධාන අරමුණ වේ.

1 Comment
Most Voted
Newest Oldest