ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම සහ බෙදාහැරීම සම්බන්ධයෙන් බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල බන්ධනාගාර ගත කර මාස තුනකට ආසන්න වී ඇතත් ඔහුගේ නිල වාහන දෙක තවමත් ඔහුගේ පවුලේ සාමාජිකයන් භාවිතා කරන බව වාර්තා වේ.
රාජ්‍ය නිලධාරියෙකු රක්ෂිත බන්ධනාගාර ගත වුවහොත් ඔහුට ලැබෙන වරප්‍රසාද සියල්ල වහාම අහෝසි වන නමුත් රඹුක්වැල්ලට විශේෂ සැලකිල්ලක් දක්වන බවත් විජේරාම මාවතේ ලබාදී තිබූ නිල නිවසද තවමත් භාරදී නැති බවද සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරියෙක් චෝදනා කරයි.