කිරිඇල්ලේ වෙඩි තැබීමක්

අද (03) දින කිරිඇල්ල මාටුවාගල මුදුන්කොටුව ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි.

දෙපාර්ශ්වයක් අතර ඇති වූ ගැටුමදී එක් පාර්ශ්වයක පුද්ගලයෙකු විසින් අහසට වෙඩි තබා ඇති බවද පොලීසිය සඳහන් කරයි.

පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් අදාළ වෙඩි තැබීම සිදුකර ඇති අතර ඉන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැත. 

අදාළ වෙඩි තැබීම සිදුකළ රිවෝල්වරය සහ සැකකරුවෙකු කිරිඇල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් සැකකරුවෙක් සොයා විමර්ශන ආරම්භ කර ඇත.

කෙසේ වෙතත් දෙපාර්ශ්වය අතර සිදුවූ ගැටුම හේතුවෙන් එක් පුද්ගලයෙකු තුවාල ලබා රත්නපුර රෝහල වෙත ඇතුළත් කර ඇත.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments