පසුගිය 2019 වසරේ වනාතවිල්ලුව, ලැක්ටෝවත්ත ප්‍රදේශයේ ඉඩමක පුපුරණ ද්‍රව්‍ය ඇතුළු තහනම් ද්‍රව්‍ය රැස් කිරීම සම්බන්ධ නඩුවේ වරද පිළිගත් විත්තිකරුවන් දෙදෙනාට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් බරපතළ වැඩ සහිත වසර 10 බැගින් සිර දඬුවම් නියම කළේය.
අදාළ චෝදනා වලට විත්තිකරුවන් දෙදෙනා වරද පිළිගැනීමෙන් පසුව ලාල් බණ්ඩාර, නයෝමි වික්‍රමසේකර හා රශ්මි සිංගප්පුලිගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් මෙම සිර දඩුවම් ප්‍රකාශයට පත් කළේය.
