LTTE එක්ක හිටගත් මහින්දගේ කණ්ඩායමට හරි වගේ.. පොලිස්පතිගෙන් නියෝග

LIVE

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පසුගියදා අනුරාධපුරයේදි පැවැත්වු රැස්වීමේදී තහනම් ත්‍රස්තවාදි සංවිධානයක් ප්‍රවර්ධනය කිරීම පිළිබඳව විමර්ශනයක් ඉල්ලා ඒකාබද්ධ විපක්ෂය විසින් පොලිස්පතිවරයා වෙත ඊයේ (14) දින පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

ඒ අනුව පසුගිය (12) වනදා අනුරාධපුරයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රැස්වීමේදී තහනම් ත්‍රස්තවාදි සංවිධානයක් ප්‍රවර්ධනය කළ බවට ඒකාබද්ධ විපක්ෂය කළ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන ත්‍රස්ත මර්ධන කොට්ඨාශය වෙත යොමුකර ඇත.

පොලිස්පතිවරයාගේ නියෝග මත එම පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ත්‍රස්ත මර්ධන කොට්ඨාශය වෙත යොමුකර ඇත.

තහනම් ත්‍රස්තවාදී සංවිධානයක් ප්‍රසිද්ධියේ ප්‍රවර්ධනය කළ බවට චෝදනා කරමින්, ඊට අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා සහ පොදුජන පෙරමුණේ සංවිධායකයන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ඒකාබද්ධ විපක්ෂය විසින් පොලිස්පතිවරයා වෙත ඊයේ (14) දින ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

0 Comments
Most Voted
Newest Oldest
⌃ News
📰 Free News Subscription?