හිටපු අගමැති මහින්ද රාජපක්ෂට එළඹෙන 20 වැනිදා සිට 31 වැනිදා දක්වා දින 10ක කාල සීමාව තුළ පමණක් විදේශගත වීමට අවසර හිමිවෙයි.
දින 10ක කාලයක් මහින්ද රාජපක්ෂට විදේශගත වීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (11) දින අවසර ලබා දුන්නේය.
ඒ පසුගිය මැයි 09 වැනිදා අරලියගහ මන්දිරයට රැස්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීන් ගාලු මුවදොර අරගල භූමියේ සිටි අරගලකරුවන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන්ය.
ගාලුමුවදොර අරගලකරුවන්ට පහර දීම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතිපතිවරයාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙම අවසරය හිමිවෙයි.