ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ගුවන් යානා මිලදී ගැනීමේදී අල්ලස් ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධ නඩුවේ ප්‍රධාන සැකකරු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ නම් කිරීමට පියවර ගන්නා ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී ඇත.
නීතිපතිවරයා වෙනුවෙන් මෙම නඩුව අධීක්ෂණය කරනු ලබන අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ දිලීප පීරිස් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මෙම නියෝගය නිකුත් කර ඇත.
2013 වසරේදී සිදුවූ මෙම ගනුදෙනුවේදී, අදාළ යුරෝපීය ගුවන් සමාගමෙන් ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන විසින් ලබාගත් අල්ලස් මුදල මන්ත්‍රී නාමල් රාජපක්ෂ වෙත ලබාදී ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ඒ අනුව, මෝසමක් මඟින් නඩුව කැඳවා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරමින් නාමල් රාජපක්ෂ ප්‍රධාන සැකකරුවෙකු ලෙස නම් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගැනීමට නියමිතව ඇත.
