LIVE
අනුරාධපුරයේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් රැස්වීම සඳහා ක්‍රීඩාංගණ ලබාදීම අනුරාධපුර නගර සභාව විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.
අනුරාධපුර නගරයේ පිහිටි වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගණය සහ සල්ගාදු ක්‍රීඩාංගණය මෙම දේශපාලන රැස්වීම සඳහා ලබාදිය නොහැකි බවට නාගරික කොමසාරිස්වරයා දැනුම් දී ඇත.
ඒ අනුව 2026.09.07 දින සිට 2026.09.13 වන දින දක්වා සංගීත ප්‍රසංගයකට වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගනය වෙන් කර ඇති අතර නගර සභා ක්‍රීඩාංගනය (සල්ගාදු) 2026.09.07 වන දින සිට 2026.09.12 වන දින දක්වා අනුරාධපුර මූලස්ථාන පොලිසිය මගින් වෙන්කර ඇති බවට දැනුම් දී ඇත.
මෙම තත්ත්වය හේතුවෙන් සැප්තැම්බර් (12) වනදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දිස්ත්‍රික් රැස්වීම සඳහා විකල්ප ස්ථානයක් සොයා ගැනීමට එම පක්ෂයේ සංවිධායකවරුන්ට සිදුව ඇත.

