Advertisements

නාමල් අඟහරුවාදා පාර්ලිමේන්තුවට.. සැර කතාවක්

LIVE

මේ වනවිට බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලබන අඟහරුවාදා පාර්ලිමේන්තුවට පැමිණෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන සඳහන් කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත් මෙය පැහැදිලි දේශපාලන දඩයමක් බවද මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන සඳහන් කරයි.

ලබන (12) වනදා අනුරාධපුරයේදී පැවැත්වීමට නියමිතව තිබූ ජන රැළියේදී නාමල් රාජපක්ෂ සිදු කිරීමට නියමිතව තිබූ කතාව ලබන අඟහරුවාදා පාර්ලිමේන්තුවේදී සිදු කරන බවද මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන සඳහන් කරයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන සඳහන් කළේ,

ඔන්න බලන්නකෝ නාමල් මහත්තයා එනවා අගහරුවාදාට පාර්ලිමේන්තුවට. එතකොට 12 වැනිදා කරන කතාව පාර්ලිමේන්තුවේ අනිවාර්යෙන් නාමල් මහත්තයා කතා කරනවා. ඔන්න බලන්නකෝ. මම ලඟ ඉන්නවා.”

0 Comments
Most Voted
Newest Oldest