බොරුව, වංචාව, හොරකමට එරෙහිව මේ රටේ පක්ෂ භේදයකින් තොරව දහස් ගාණනක පිරිසක් අනුරාධපුරය රැළියට එකතු වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි.
ආණ්ඩුව විපක්ෂය මර්දනය කරලා සුපුරුදු දේශපාලන න්‍යාය පත්‍රය දාලා අධිකරණය පෙන්නලා, උසාවි පෙන්නලා, බන්ධනාගාර පෙන්නලා පිට්ටනියක් ලබාදුන්නේ නැති බවද මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි.
අද (10) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කළේ,
“අපි ආණ්ඩුවට කියන්නේ. අපි අනුරාධපුර රැස්වීම කරනවා. මේ ආණ්ඩුවේ බොරුව, මේ ආණ්ඩුවේ වංචාවල්, මේ ආණ්ඩුවේ හොරකම් වලට විරුද්ධව අද අනුරාධපුරයට මේ රටේ පක්ෂ භේදයකින් තොරව දහස් ගාණක පිරිසක් එකතු වෙනවා.
ඒ ජන සටන අතාරින්නේ නෑ මේ මර්දනයට බයවෙලා. ආණ්ඩුව හිතනවා නම් විපක්ෂය මර්දනය කරලා ආණ්ඩුවේ සුපුරුදු දේශපාලන න්‍යාය පත්‍රය දාලා අධිකරණය පෙන්නලා, උසාවි පෙන්නලා, බන්ධනාගාර පෙන්නලා,
ග්‍රවුන්ඩ් එකක් දුන් නෑනේ අපිට. ග්‍රවුන්ඩ් එකක් දුන් නෑනේ. අපි ඉල්ලපු ග්‍රවුන්ඩ් එක දෙන්නෑ. ඉතින් ඔබතුමාලා හිතනවා නම් ඔය මර්දනයෙන් මේ ජන සටන නවත්වන්න පුළුවන් කියලා, ජනතාවගේ නැගිටීම නවත්වන්න පුළුවන් කියලා, ආණ්ඩුවට වැරදිලා.
මම දැක්කා එක මන්ත්‍රීවරියක් කියනවා ජනාධිපතිතුමා බලන්න කානු දිගේ එනවලු. අර ආපු ගැරඩියද දන්නෑ. කිරි වලින් නාවනවලු. ඉතින් ඒ හින්දා ඔබතුමාලා කානු දිගේ බලන් ඉන්න ගැරඩි එයි. මම තව කියන්න ගියොත් තව මොනවා කටින් පනීද දන්නෑ.”
