ක්‍රිෂ් ගනුදෙනුවට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සම්බන්ධයෙන් අල්ලස් කොමිසම පවත්වාගෙන යන විමර්ශනයේදී ඔහු අල්ලස් චෝදනාවක් යටතේ සැකකරුවෙකු ලෙස නම් කර නුදුරේදීම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.
මන්ත්‍රී නාමල් රාජපක්ෂ සැකකරුවෙකු ලෙස අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවේ 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 149 වගන්තිය යටතේ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සහතිකයක්ද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද වාර්තා වේ.
පසුගිය 2025 වසරේ ජනවාරි (22) වැනිදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නාමල් රාජපක්ෂලට එරෙහිව ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් වෙනම විමර්ශනයක් ආරම්භ කර ඇති බවට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත නිල වශයෙන් දැනුම් දුන්නේය.
නීතිපතිවරයා විසින් මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව දැනටමත් කොළඹ මහාධිකරණයේ ගොනුකර ඇති ක්‍රිෂ් නඩුවට පදනම් වූ රුපියල් මිලියන 70ක මුදල් ගනුදෙනුව සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙනම විමර්ශනයක් පවත්වාගෙන යයි.
ඉන්දියානු ආයෝජකයන්ට සම්බන්ධ “Krish Lanka Pvt. Ltd” සමාගම කොළඹ කොටුවේ Transworks Square හි අක්කර 4.3කට ආසන්න ඉඩමක දැවැන්ත මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සූදානම් වූ සමයේ මෙම මුදල් ගනුදෙනුව සිදුව ඇත.
