ලබන 12 වැනිදාට කලින් නාමල් ඇතුළට
ආණ්ඩුව දැවැන්ත මර්දනයක් සිදු කරන බවත් ලබන (12) වැනිදාට කලින් තමන් ඇතුළට දැමීමට ඉඩ තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි.
එහෙත් ඉදිරියට තමන්ගේ සාටකය ගලවන එක ලේසි වෙන්නේ නැති බවද පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි.
මන්ත්‍රී නාමල් රාජපක්ෂ මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ,
“අද දැවැන්ත මර්දනයක් යනවා. සමහරවිට මේ කතා කරන නාමල් රාජපක්ෂ ලබන (12) වෙනිදාට කලින් ඇතුළට දාන්න ආණ්ඩුව උත්සාහ කරන්න බැරිත් නැ. මොකද (12) වෙනිදා අනුරාධපුරයට විශාල ජනකායක් එනවා කියලා ආණ්ඩුවට දැනුනාම සමහරවිට (12) වැනිදා වෙන්න කලින් නාමල් රාජපක්ෂව ඇතුළට දාන්න බැරිත් නෑ.”
“අපි පැහැදිළිවම මේ රටේ ජනතාව එක්ක දේශපාලනය කරලා තියෙනවා. ජනතාවට අපි අවංකව පෙනී සිටිනවා. සමහරු දිනන කොට එක ඇදුමයි, පැරදුනාම තව ඇදුමයි. ජනතා විරෝධයක් එනකොට එක විදියයි. අපි ඉදිරියටත් අපේ ඇදුම ගලවන්න ලේසි වෙන්නේ නෑ. සාටකය ගලවන්නත් බෑ, ජාතික ඇදුම නැත්නම් රෙද්දයි බැනියමයි ගලවන්නත් බෑ. “
