හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම අද (16) පස්වරුවේ අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් පවසයි, තම නිවසේදී විදුලි පරිපථයක් අලුත්වැඩියා කරමින් සිටියදී විදුලි සැර වැදීමෙන් ඔහු මියගොස් ඇති බව වාර්තා වේ.
මියයන විට ඔහු 64 වන වියේ පසුවුණි, මේ වනවිට දේහය කළුතර ශික්ෂණ රෝහලේ තැන්පත් කර ඇති බව සඳහන්.