කොස්තාපල් ගේ තුළට දමා දොරවසා රූගත කළ නිවෙස් හිමියෙක් අත්අඩංගුවට.!

පානදුර මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනුකර ඇති ගෘහස්ථ හිංසනය සම්බන්ධ නඩුවක සිතාසි පත්‍රයක් භාරදීම සඳහා පානදුර ප්‍රදේශයේ නිවසකට ගිය අවස්ථාවේදි නිවසේ හිමිකරු අදාල පොලිස් නිළධාරියා නිවස තුලට දමා දොරවසා රෑගත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම නිවසේ හිමිකරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 41 ක පුද්ගලයෙක් වන අතර අදාල සැකකරුගේ බිරිඳට පහර දීම සම්බන්ධයෙන් පවතින ගෘහස්ථ හිංසන නඩුවක සිතාසිය භාරදීම සඳහා එම කොස්තාපල් වරයා නිවසට ගිය අවස්ථාවේදී සැකකරු කොස්තාපල් වරයා සමඟ බහින්බස් වී ඔහුව නිවස තුළ ඇද දමා සිරකර ජංගම දුරකථනයෙන් වීඩියෝ කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

පසුව කොස්තාපල්වරයා සිය ජංගම දුරකථනයෙන් පානදුර දකුණ පොලිසිය දැනුවත් කිරීමට පියවර ගැනීමත් සමගම එහි ගිය පොලිස් කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගෙන කොස්තාපල්වරයා මුදාගෙන ඇත. 

සැකකරු කොස්තාපල් නිවසේ තුළ රඳවාගෙන සිටි අවස්ථාවේදී ජංගම දුරකථනයෙන් පටිගත කළ දර්ශන ද පොලිස් භාරයට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Loading

 
 
 
Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close