අන්තවාදී කටයුතු වලට සම්බන්ධ පුද්ගලයින්ගේ නාම ලේඛන දෙකක් සකසා තිබු බවත් එහි එක් ලැයිස්තුවක පුද්ගලයින් 94 කගේ නම් තිබෙන බවත් අනෙක් ලැයිස්තුවේ 126 කගේ නම් තිබෙන බව අධිකරණයේදී අනාවරණය විය.
එම නාම ලේඛන තුළ සහරාන් හෂීම් ඇතුළු පාස්කු බෝම්බ ප්‍රහාර සිදුකල මරාගෙන මැරුණු බෝම්බකරුවන්ගේ සහ කොළඹ මහාධිකරණය හමුවේ විභාග වන නඩුවේ විත්තිකරුවන්ගේ නම් තිබෙන බව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සඳහන් කරයි.
ඒ අනුව එම වාර්තාව නිකුත් කළ, රාජ්‍ය සේවයේ අන්තවාදී කටයුතු සම්බන්ධව සොයාබැලු අංශයේ හිටපු පොලිස් පරීක්ෂක රංජන් සෙනරත් බණ්ඩාරට විදෙස් ගමන් තහනමක් පනවන ලෙස අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
අනතුරුව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්ගේ එම ඉල්ලීමට අධිකරණය අවසර ලබාදුන්නේය.
අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ සඳහන් කළේ,
“ඔහු රාජ්‍ය බුද්ධි සේවයේ සේවය කළ කාලයේ ඔහු නිකුත් කළ බුද්ධි වාර්තා තුළ ඔහු විසින්ම අන්තවාදී කටයුතු වලට සම්බන්ධ පුද්ගලයින්ගේ නාම ලේඛන දෙකක් සකසා තිබෙනවා. ඔහු සැකසූ එක් ලැයිස්තුවක අන්තවාදී ක‍්‍රියාකාරකම්වල නිරත පුද්ගලයින් 94 කගේ නම් තිබෙනවා.
තවත් ලැයිස්තුවක 126 කගේ නම් තිබෙනවා. මොහු විසින් සකස් කල එම නාමලේඛන තුළ සහරාන් හෂීම් ඇතුළු මෙම බෝම්බ ප්‍රහාර සිදු කල මරාගෙන මැරුණු බෝම්බකරුවන්ගේ සහ කොළඹ මහාධිකරණය හමුවේ විභාග වන නඩුවේ විත්තිකරුවන්ගේ නම් තිබෙනවා.
2009 අප්‍රේල් (03) සහරාන් පිළිබඳ විදේශයන්ගෙන් ලද තොරතුරු රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂක නිලන්ත ජයවර්ධන, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මල්ලවආරච්චිට දානවා. මල්ලවආරච්චි ඒ තොරතුරු මේ රාජ්‍ය බුද්ධි සේවයේ කෝනාර බණ්ඩාරට දෙනවා, මේ සම්බන්ධව වැඩිදුර කටයුතු කරන්න කියලා.
බණ්ඩාර ඒ තොරතුර මත කාත්තන්කුඩි ප්‍රදේශයට පිටත් වෙනවා. කාත්තන්කුඩි වලට ගිහින් ඔහු හමුවෙනවා ශයිනි මවුලවිව. ශයිනි මවුලවි කියන්නේ සහරාන්ගේ සහ රීල්වාන්ගේ බාල සෙහොයුරා. මොහු විසින් අන්තවාදීන් පිළිබඳ සැකසූ නාම ලේඛණයේ මේ ෂෙයිනි මවුලවිගේ නම තිබෙනවා.
එහෙම තියෙද්දී මොහු ශෙයිනි මවුලවි හම්බෙලා ඔහු සමඟ චැට් එකක් දාලා තේ එකක් බීලා ඇවිල්ලා ඔහුව අත්අඩංගුවට ගන්නේ නැතුව. එදා ඔහුව අත්අඩංගුවට ගත්තා නම් මේ පාස්කු ප්‍රහාරය නවත්වා ගන්න සහ සහරාන්ව අත්අඩංගුවට ගන්න හැකියාව තිබිබා ස්වාමීනී..
මේකත් මේ ප්‍රහාරය සිදු කිරීමට සිදුකළ කුමන්ත්‍රණයක්ද කියා විමර්ශන සිදු කරනවා දැන් ස්වාමිනී.”
