විත්තිකරුවන් ලිඛිත දේශන ඉදිරිපත් කරයි.. පාස්කු නඩුවේ අවසන් තීන්දුව සූදානම්

LIVE

පාස්කු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා 23,270කට චෝදනා ලබා සිටින විත්තිකරුවන් 24 දෙනා කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ලිඛිත දේශන ගොනු කළේය.

නවුෆර් මවුලවී ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර ඇත.

නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩුව කැඳවනු ලැබු අතර එහිදී විත්තිකරුවන් විසින් ලිඛිත දේශන ඉදිරිපත් කිරිම සිදු කළේය.

අනතුරුව අදාළ නඩුවේ තීන්දුව සැප්තැම්බර් මස (22) වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නිවේදනය කළේය.

0 Comments
Most Voted
Newest Oldest
⌃ News
📰 Free News Subscription?