විපක්ෂ නායකවරයා ඇතුළු මන්ත්‍රීවරුන් පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකර තිබෙන ප්‍රකාශ පිළිබඳව ප්‍රකාශ සටහන් කර ගැනීමට කටයුතු කරන බව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සඳහන් කරයි.
හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ සම්බන්ධ නඩුව (15) දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණ හමුවේ කැඳවු අවස්තාවේදි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මේ බව සඳහන් කරයි.
අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සඳහන් කළේ,
“ස්වාමීනි., මේ සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේත්, මගේ වුවමනාවටත් අත්අඩංගුවට ගත්තේ නෑ. ඔහු ගැන මුලින්ම කරුණු දැක්වූයේ 2019 වසරේදී විපක්ෂ නාකයවරයා පාර්ලිමේන්තුවේදී.
ව්‍යවස්ථාදායකය තුළ තමා ඔහු ගැන මුලින්ම කතා කළේ. විපක්ෂ නායක ඇතුළු මන්ත‍්‍රීවරුන් වගකීමක් ඇතුව ඒ ප්‍රකාශ කරලා ඇති කියලා මම හිතනවා. එම නිසා විපක්ෂ නායක ඇතුළු මන්ත්‍රීවරුන්ගෙන් ඔවුන් සිදුකර තිබෙන ප්‍රකාශයන්ට අදාලව ප්‍රකාශ සටහන් කර ගන්න කටයුතු කරනවා.”
