ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් ‘පිල්ලෙයාන්’ සහ හමුදා බුද්ධි අංශ තොරතුරුකරුවන් දෙදෙනෙකුට එරෙහි නඩුව අද (01) මඩකලපුව මහෙස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහෙස්ත්‍රාත්වරයා ඉදිරියේ කැඳවයි.
මම නඩුව කැඳවූ අවස්ථාවේදී බන්ධනාගාරයේ සිට මාර්ගගත (Zoom) තාක්ෂණය ඔස්සේ සැකකරුවන් වන පිල්ලෙයාන්, මොහොමඩ් සිෆාන් සහ මොහොමඩ් සකීද් යන තිදෙනා ඉදිරිපත් කළේය.
2008 වසරේදී කල්ලඩි ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකු ඇතුළු දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම, කාත්තන්කුඩි හිදී TMVP පක්ෂයේ සාමාජිකයෙකු ඇතුළු දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සහ වවුනතිවු – කරෙයියන්කන්තිවු ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීම යන සිද්ධීන් සම්බන්ධයෙන් මෙම නඩුව පවරා ඇත.
මෙම ඝාතන සම්බන්ධයෙන් පිල්ලෙයාන්, හමුදා බුද්ධි අංශ තොරතුරුකරුවන් දෙදෙනා සහ ලන්ඩනයේ පදිංචි ‘මොහොමඩ් ෆායිස්’ නමැත්තා ඇතුළු 4 දෙනෙකුට එරෙහිව 2026 ජූනි (17) වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඩකලපුව මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරන ලද අතර එතැන් සිට මෙම සැකකරුවන් දිගින් දිගටම රක්ෂිත බන්ධනාගාරගත කර සිටියි.
ඒ අනුව අද දින කරුණු සලකා බැලීමෙන් අනතුරුව ‘පිල්ලෙයාන්’ සහ හමුදා බුද්ධි අංශ තොරතුරුකරුවන් දෙදෙනෙකු ඇතුළු තිදෙනා සැප්තැම්බර් (15) වනදා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා ලන්ඩනයේ සැඟව සිටින ‘මොහොමඩ් ෆායිස්’ නැමැත්තාට එරෙහිව විවෘත වරෙන්තුව (Open Warrant) නැවත නිකුත් කළේය.
