සිරදඬුවම් නියම වු පියංකරට රැකියාවක්

LIVE

වසර 7ක් සිරදඬුවම් නියම කෙරුණු හිටපු අමාත්‍ය පියංකර ජයරත්න බන්ධනාගාරයේ මුද්‍රණ අංශයේ වැඩට යොදවා ඇතැයි වාර්තා වේ.

ඒ අනුව හිටපු අමාත්‍ය පියංකර ජයරත්න මේ වනවිට බන්ධනාගාරයේ මුද්‍රණ කටයුතු පිළිබඳව වැඩ පාටියේ සේවයේ නිරත වෙයි.

සිරදඬුවම් නියම කෙරෙන දේශපාලනඥයන් වැඩි වශයෙන් බන්ධනාගාරයේ මුද්‍රණ අංශයේ වැඩට යොදවයි.

සිය දේශපාලන ආධාරකරුවන් පිරිසකට ශ්‍රී ලංකා කේටරින් සමාගමේ මුදලින් රුපියල් 330,000ක මුදලක් වැය කර මාරවිල ප්‍රදේශයේ හෝටලයක සාදයක් පැවැත්වීමෙන් රජයට පාඩු කිරීම සහ ශ්‍රි ලංකන් කේටරින් සමාගමේ විධායක අධ්‍යක්ෂවරයා ඒ සඳහා පෙළඹවීම ඇතුළු චෝදනා දෙකකට හිටපු අමාත්‍ය පියංකර ජයරත්න වරදකරු කෙරුණේය.

මේ අතර දූෂණ චෝදනා සම්බන්ධයෙන් සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍ය පියංකර ජයරත්නට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන තවත් දූෂණ චෝදනා සම්බන්ධ නඩුවක වැඩිදුර විභාගය ඔක්තෝබර් (12) වැනිදා සිදු කිරීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

1 Comment
Most Voted
Newest Oldest
⌃ News
📰 Free News Subscription?