පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැරදි කරානම් දඩුවම් ලැබිය යුතු බවත් එය ඇත්ත ස්වභාවය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාක්ෂිකයෙක් සඳහන් කරයි.
තමන් ඇතුළු පිරිස අනුරාධපුර රැලියට පැමිණියද, ඡන්දය ලබා නොදෙන බවත් ඡන්දය දෙනවාද, නැද්ද තීරණය කරන්නේ තමන් බවද පොදුජන පෙරමුණ පාක්ෂිකයා සඳහන් කරයි.
අනුරාධපුර රැලියට පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාක්ෂිකයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ,
“එයත් ඉතින් මොනවාහරි හොරකම් කරලා තියෙනවා නම් දඬුවම් විදින්න ඕන. ඒක තමයි ඇත්ත ස්වභාවය. එයා අපේ කියලා බේරගන්න බෑ. මගේ අම්මා තාත්තා වැරදි කරත් වැරද්ද නම් වු වැරදි. අපිට ඒ පැත්ත ගන්න බෑ මල්ලී.
ඒක තමයි ඇත්ත කතාව. ඕන තැනක දාන්න. මගේ නමත් එක්ක කියලා තියෙන්නේ. කාටත් හොදයි. වැරදි කරන්නෑ. ඉතිං අපි කියන්නේ ඒකයි. නාමල් රාජපක්ෂ වැරදි කරානම් දඩුවම් විදපන්. අපි විදින්නද. අපි හිරේ යන්නද. වුණේ හිරේ යන්නේ.
වුණේ වැරදි කෙරුවේ. ඕක තේරුම් ගන්න මිනිස්සූ දන්නේ නෑනේ. මේ රැලියට ආවට අපි ඡන්දය දෙන්නේ නෑ. රැලියට ආව විතරයි. ඡන්දය දෙන එක තීරණය කරන්නේ වෙලාවටයි. කතිරය තියෙන්නේ අපේ අතේ.
පැහැදිලිනේ. කතිරය තියෙන්නේ අපේ අතේ. ඡන්දය දෙනවාද, නැද්ද තීරණය කරන්නේ අපි. මේ ඔය ආවට අපි ඡන්දය දෙන්නේ නෑ. ඕන වෙලාවක නමත් එක්ක දාන්න. බය නෑ. හිරිනේ. මම ගාල්ලේ.”
