LIVE
ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ නියෝජිතයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර හමුවක් අද (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණි.
2027 වසරේ ජනවාරි මස ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත 11 වන ජාතික බාලදක්ෂ ජම්බෝරිය පිළිබඳව මෙන්ම එහි සංවිධාන කටයුතුවල වත්මන් තත්ත්වය සහ ප්‍රගතිය පිළිබඳවද ජනාධිපතිවරයා දැනුවත් කරනු ලැබිණි.
ජාතික බාලදක්ෂ ජම්බෝරියේ නිල ලාංඡනය ජනාධිපතිවරයා වෙත පිළිගන්වා නිල වශයෙන් එළිදැක්වීමද මෙයට සමගාමීව සිදුවිය.
ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් මේ වනවිට ක්‍රියාත්මක කරන වැඩසටහන් පිළිබඳව සහ ඉදිරි සැලසුම් සම්බන්ධවද අදහස් හුවමාරු කෙරිණි.
බාලදක්ෂ ව්‍යාපාරය වැඩි පාසල් ගණනාවක් වෙත ව්‍යාප්ත කිරීම සහ රජය ගෙන යන මත්ද්‍රව්‍ය විරෝධී වැඩසටහන්වලට බාලදක්ෂ ව්‍යාපාරයට ලබාදිය හැකි දායකත්වයේ වැදගත්කම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළේය.
