දවසට මිලියන 100 බැගින් රට වටේ බෙදන අලුත්ම ලොක්කා.. අප්‍රේල් 24 වැඩ පටන්ගන්න ලෑස්තියි.!

ඇමරිකානු ඩොලර් මිලියන 500 කට වැඩි වියදමින් ඉරාන රජයේ ණය ආධාර යටතේ උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ වැඩ කටයුතු ඇරඹුණේ 2011 වසරේ දීය, මෙමස 24 වැනිදා උමාඔය ව්‍යාපෘතිය නිල වශයෙන් විවෘත කිරීමට බලාපොරොත්තු වන බව ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරු ඩී.සී.එස්. ඇළකන්ද සඳහන් කළේය.

උමාඔය ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වූයේ මෙගාවොට් 120ක විදුලි ධාරිතාවයක් ජාතික පද්ධතියට එක්කිරීම වන අතර මෙලෙස නිෂ්පාදනය කෙරෙන විදුලිය කිලෝමීටර 23ක් දුර බදුල්ල දක්වා ගෙන ගොස් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරෙනු ඇති.

මෙම ව්‍යපෘතිය තුලින් දෛනිකව රුපියල් මිලියන 80ත් 100ත් අතර වටිනාකමකින් යුත් විදුලි ධාරිතාවයක් ජාතික පද්ධතියට එක්කළ හැකි බව ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරු වරයා පැවසීය.

Loading

 
 
 
Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close