ආපදා දිස්ත්‍රික්ක හැර අන් සියලු රජයේ සහ අනුමත පුද්ගලික පාසැල් අදින් ආරම්භ වේ.!

රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරයේ තුන්වන අදියර අද (20) ආරම්භ වීමට නියමිත අතර පළමු වාරයේ තුන්වන අදියර එලඹෙන 31 වනදා දක්වා ක්‍රියාත්මක බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

මේ අතර පුත්තලම දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එම දිස්ත්‍රික්කයේ සියලුම පාසල් අද දිනයේ වසා තැබීමට වයඹ පළාත් ආණ්ඩුකාරවරයා තීරණය කළ බව දනුම් දී ඇති අතර එම ආපදා තත්වය සැලකිල්ලට ගෙන, පුත්තලම් දිස්ත්‍රික් ලේකම්වරයා සහ  වයඹ පලාත් ප්‍රධාන ලේකම්වරිය සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බවත් සඳහන්.

ඒ අනුව හලාවත කලාපයේ පාසල් 158ක් සහ පුත්තලම කලාපයේ පාසල් 213ක් අද දිනයේ පමණක් විවෘත නොකරනු ඇත. 
 
ආපදා කළමණාකරන මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දී ඇත්තේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ මුහුණදෙන ආපදා තත්ත්වයන් සම්බන්ධයෙන් සිය මෙහෙයුම් මැදිරිය දැනුවත් කරන ලෙසයි.

එමෙන්ම එම මධ්‍යස්ථානය පැය 24 පුරා ක්‍රියාත්මක මෙහෙයුම් පවත්වාගෙන යන බව එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරාල් උදය හේරත් වැඩිදුරටත් පැවසීය.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close