හෙට කාලගුණය කැළඹෙයි.. දිස්ත්‍රික්ක රැසකට තද වැසි

LIVE

හෙට (21) දිනයේදී දිස්ත්‍රික්ක රැසකට තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පලාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව සඳහන් කරයි.

හෙට දිනයේදී ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

2 Comments
Most Voted
Newest Oldest