LIVE
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුව අද (14) දින කොළඹ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගනු ලැබීය.
කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් ඉදිරියේ මෙම නඩුව විභාගයට ගත් අතර එහිදී පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදුවුණි.
එහිදී විත්තිය පාර්ශවයේ නීතිඥවරු විසින් හරස් ප්‍රශ්න විමසීම සිදුකිරීමෙන් අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය සඳහා නොවැම්බර් මස (17) වනදා කැඳවන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
පසුගිය 2012 වසරේ මෝදර ධීවර වරාය පෞද්ගලික සමාගමකට බදුදීමේදී රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් එවක ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව මෙම නඩුව ගොනුකර ඇත.
