හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා පවුලට අයත් ව්‍යාපාර සහ ඒවායේ ක්‍රියාකාරීත්වය පිළිබඳව විධිමත් විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලමින් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
හිටපු ජනාධිපතිවරයාගේ පවුලේ ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් පවතින විනිවිදභාවය සහ නීත්‍යානුකූලභාවය පිළිබඳව කරුණු අනාවරණය කර ගැනීම මෙම පැමිණිල්ලේ අරමුණ බව වාර්තා වේ.
තවද රාජ්‍ය බැංකු වලින් ලබාගත් ණය අනිසි ලෙස භාවිතා කිරීම සහ පවුලේ සාමාජිකයන් සතු ව්‍යාපාරික ජාලය පිළිබඳව පූර්ණ සොයා බැලීමක් සිදු කරන ලෙසද ඉල්ලා ඇත.
මේ අතර පසුගිය සමයේ සිදුවු මුල්‍ය වංචා සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නැයි ඒකාබද්ධ විපක්ෂයෙන් ඉල්ලීමක් කර ඇත.
ඒ අනුව ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) හමුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
දේශපාලන පවුලකට අයත් ව්‍යාපාරයකට රාජ්‍ය බැංකු සතු මුදල් ණය ලෙස ලබාදීම හරහා අක්‍රමිකතාවක් සිදුව ඇද්දැයි පරීක්ෂණයක් කරන ලෙසට කෝප් කමිටුවෙන් ඉල්ලා සිටි බව ඒකාබද්ධ විපක්ෂය සඳහන් කරයි.
ඒකාබද්ධ විපක්ෂය කැඳවුම්කරු සංජය මහවත්ත සඳහන් කළේ,
“මේකේ අපි හොයනවා, මේ වර්ණ කියන ආයතනයට එතනොල් කොපමණ ප්‍රමාණයක් ලබාගෙන තියෙනවාද.? ඒ ලබාගත්ත එතනෝල් වලටම නිෂ්පාදන කරලා තියෙනවාද.? රනිල් වික්‍රමසිංහ මහත්තයෝ මේකට නම් කජු කිලෝ දාහක් වත් කන්න වෙයි උත්තර දෙන්න.”
