පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා මූල්‍ය ආකෘතිකරණය

LIVE

දකුණු ආසියානු කලාපීය සහයෝගිතා සංගමයේ (SAARC) බලශක්ති මධ්‍යස්ථානය විසින් 2026‑10‑05 දින සිට 2026-10-07 දින දක්වා කාලය තුළ ‘පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා මූල්‍ය ආකෘතිකරණය’ යන තේමාව යටතේ පුහුණු වැඩමුළුවක් කොළඹදී පැවැත්වීමට සැලසුම් කර ඇත. 

එම වැඩමුළුව සඳහා ශ්‍රී ලංකාව ඇතුළු SAARC සාමාජික රටවල්වලින් දෙදෙනෙකු බැගින් සහභාගි වීමට නියමිතය.

දකුණු ආසියානු කලාපීය සහයෝගිතා සංගමයේ බලශක්ති මධ්‍යස්ථානය විසින් ගුවන් ගාස්තු හැර අනෙකුත් සියලුම දේශීය ආගන්තුක සත්කාර පහසුකම් සහ ගුවන්තොටුපොළ ප්‍රවාහන පහසුකම් සපයා දීමට නියමිත වේ.

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ව්‍යාපෘති ඇගයීම සහ මූල්‍ය ආකෘතිකරණය සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරින්ගේ හා අනෙකුත් අදාළ පාර්ශ්වයන්ගේ ධාරිතා සංවර්ධනය සඳහා වැදගත් වන මෙම පුහුණු වැඩමුළුව සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනා සැලකිල්ලට ගන්නා ලදුව, එකී වැඩසටහන පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාව විසින් සත්කාරකත්වය දක්වීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේ එකඟතාවය ලබාදීමට තීරණය කර ඇත.

0 Comments
Most Voted
Newest Oldest
⌃ News
📰 Free News Subscription?