LIVE
ආන්දෝලනාත්මක මිග් යානා මිලදී ගැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හමුවට කැඳවා ඇත.
ඒ අනුව හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලකට අද (10) උදෑසන 9.30ට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත.
අදාළ ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා හිටපු ගුවන් හමුදාපතිවරයා මෙලෙස කැඳවා ඇත.
