ලෝකයේ හොඳම හෙල්ල කට්ටලය ඩඩ්ලිගෙන් රුමේෂ්ට

LIVE

ශ්‍රී ලංකාවට ඉහළම ගෞරවාදරයක් ලබාදුන් හෙල්ල විසිකිරීම ඉසව්වේ ශූර රුමේෂ් තරංගට සෑම වසරකම ලොව හොඳම හෙල්ල කට්ටලය ලබාදීමට ප්‍රසිද්ධ ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන ඉදිරිපත් වී ඇත.

රුමේෂ් තරංගගේ පුහුණුකරු වන ටෝනි ප්‍රසන්න සමග සාකච්ඡාකර අදාළ අනුග්‍රාහගත්වය ලබාදීමට ප්‍රසිද්ධ ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මෙලෙස ඉදිරිපත්ව ඇත.

හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ඔලිම්පික් රන් පදක්කම ශ්‍රී ලංකාවට රැගෙන ඒම දක්වාම රුමේෂ්ට සහයෝගය ලබාදීමට ඩඩ්ලි සිරිසේන මෙහිදී රුමේෂ්ගේ පුහුණුකරුට පොරොන්දුවක් ලබාදී ඇත.

ඒ අනුව රජය විසින් ලබාදෙන හෙල්ල කට්ටලයට අමතරව, ලෝකයේ හොඳම තත්ත්වයේ හෙල්ල විසිකිරීමේ කට්ටල සෑම වසරකම රුමේෂ් තරංගට ලබාදීමට ඩඩ්ලි සිරිසේන තීරණය කර ඇත.

0 Comments
Most Voted
Newest Oldest
⌃ News
📰 Free News Subscription?