ලෝක ශුරයා ලංකාවට එද්දි උඩුගුවනේදී සමුගනී

LIVE

ලෝක මලල ක්‍රීඩා පිටියේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ පළමු ස්ථානය තමන් සතු කරගෙන සිටින ශ්‍රී ලංකා ක්‍රීඩක රුමේෂ් තරංග අද (15) දින උදෑසන දිවයිනට පැමිණියේය.

ශ්‍රී ලංකා ක්‍රීඩක රුමේෂ් තරංග සතු හෙල්ල 5ක් ගුවන් මගින් මෙරටට ගෙන ඒමේදී සැකසහිත ලෙස කැඩී හානි සිදුව ඇත.

රුමේෂ් තරංග හංගේරියාවේ බුඩාපේස්ට් නුවරදී මීටර් 91.09ක් දුර විසි කළ හෙල්ල, ස්විට්සර්ලන්තයේ සුරීච් නුවරදී මීටර් 92.07ක් දුර විසි කළ හෙල්ල ඇතුළු ඔහු භාවිතා කරන හෙල්ල 5ටම හානි වී ඇත.

අල්ටිමේට් සහ ඩයමන්ඩ් ලීග් ශූරතා දෙකම දිනාගත් රුමේෂ් තරංග අද තුර්කියේ ඉස්තාන්බුල් නුවර සිට තුර්කි ගුවන් සේවයේ ටී.කේ.- 730 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියේය.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක රුමේෂ් තරංග සිය සමාජ මාධ්‍ය ගිණුමේ සඳහන් කළේ,

“සමුගන්නවා., ඒ වගේම ස්තූතියි.. විශේෂයෙන්ම Turkish Airlines”

1 Comment
Most Voted
Newest Oldest
⌃ News
📰 Free News Subscription?