හොඳම පාතාල සෙල්ලම් දැම්මේ අපේ කාලයේ

LIVE

ලංකාවේ රජ කරපු පාතාලය අපේ ආණ්ඩුව කාලයේදී ලංකාව අතහැර වෙන රටවලට පලාගිය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහලේකම් සාගර කාරියවසම් සඳහන් කරයි.

මාධ්‍ය හමුවකට එක්වෙමින් සාගර කාරියවසම් සඳහන් කළේ,

⁣හැම රජයක් යටතේම පාතාල කල්ලි කුදලාගෙන ආව. ඒ විතරක් නෙමෙයි ලංකාවේ රජ කරපු පාතාලය ලංකාව අතහැර දාලා වෙන රටවලට පැනලා දිවුවේ අපේ ආණ්ඩුව කාලයේ. මේ පාතාල කල්ලි මර්දනය කරේ, මේ පාතාලය රටින් එළියට ගියේ අපේ ආණ්ඩුව කාලයේ.

ඒක නිසා ඔය පාතාල කතාව කියන බොරුවක් විතරයි. හැම ආණ්ඩුවක් කාලෙම අලුතෙන් බස් ගෙනාවා. ඒක පහසුකම් සැපයිමක්. හැබැයි එය සංවර්ධන ව්‍යාපෘතියක් නොවේ. සංවර්ධන ව්‍යාපෘතියක් කියන්නේ, ආයෝජනය කරලා ආයෝජනය තුලින් රටට සෙතක් සැලසෙන දෙයක්.

අපි ගත්තොත්, වරායක් සංවර්ධන ව්‍යාපෘතියක්, ගුවන් තොටුපොළක් සංවර්ධන ව්‍යාපෘතියක්. අධිවේගි මාර්ගයක් කියන්නේ සංවර්ධන ව්‍යාපෘතියක්. වසර 100ක්, ඊටත් වැඩි කාලයක් රටේ ජනතාවට ආර්ථික ප්‍රතිලාභ ලැබෙන දෙයක්.”

1 Comment
Most Voted
Newest Oldest
⌃ News
📰 Free News Subscription?