අවි අමෝරා ගත් මහා නපුරු පෙනුමක් මවා ගත් කයිය නායකයොන්ට මම බය නෑ.. සජිත් අම්බන්තොට දෙවනත් කරයි.!

අම්බලන්තොට බස් නැවතුම්පොළ අසළ පැවැති සමගි ජන බලවේග ජන පවුර වැඩසටහන හා එක්වෙමින් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා කියා සිටියේ, තමා ඇතුළු පිරිස අවි අමෝරා ගත් මහා නපුරු පෙනුමක් මවා ගත් කයිය නායකයොන්ට බිය නැති බවත් මේ රටේ ජනතාව අපේක්ෂාවෙන් සිටින්නේ ගරා වැටුණු කඩා වැටුණු ලක්ෂ 220කගේ ජන ජීවිත කවුද දුකින් මුදවා ගන්නේ කියා බවත් මේ මොහොතේ රටට අවශ්‍ය පෙනුම, මායම හෝ ඇන්දවිල්ල නොවන බවත් ය.

ඔහු කියා සිටියේ, තමා බලයක් නොමැතිව විපක්ෂයේ සිට හුස්ම සහ සක්වල වැඩසටහන් හරහා සුවිශාල සේවයක් කර ඇති බවත් ගර්භණී මව, කුඩා දරුවා, තරුණයා, වැඩිහිටියා දක්වා ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව ලක්ෂ 220 ගොඩගන්න තමා කටයුතු කර ඇති බවත්ය.

බංකොලොත් රටේ වැඩ කරන්නේ කොහොමද කියා කයිය නායකන්ට වැඩ පෙන්වන්න තමාට වරම ලබාදෙන ලෙස ඉල්ලා සිටිමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ, බංකොලොත් වූ අප රටට දැවැන්ත හයියක් දැවැන්ත මූල්‍ය ශක්තියක් සමගි ජන බලවේගය ලබාදෙන බවයි.

එමෙන්ම ඔහු කියාසිටියේ, රටේ එක් කණ්ඩායමක් බලය තියාගෙන කයිවාරු ගහන විට තවත් කණ්ඩායමක් විපක්ෂයේ සිට කයිය ගහන බවත් ජනතාව දුක් කම්කටොලු‍ මැද ජීවත් වන අවස්ථාවක කයිය ගහමින් ඉන්නවාට වඩා සමගි ජන බලවේගය මෙන් වැඩ කර පෙන්වන ලෙසත් ය.

මෙම අවස්ථාවේ අප රටට ඇති එකම විකල්පය සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය බව ප්‍රේමදාස විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close