රටේ තරුණ පරපුර, දරු පරපුර මෙන්ම මව්වරුන් අද වන විට බරපතල ආර්ථික දුෂ්කරතා වලට මුහුණ දී සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරයි.
බලයට පත්වීමට පෙර ජනතාවට ලබාදුන් කිසිදු පොරොන්දුවක් ආණ්ඩුව මෙතෙක් ඉටු කර නොමැති බවත් ඒ හේතුවෙන් ජනතාවම දැඩි පීඩනයකට පත්ව ඇති බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරයි.
රණසිංහ ප්‍රේමදාස ආරම්භ කළ ඇඟලුම් කර්මාන්තශාලා පවා අද වනවිට වැසී යමින් පවතින බවත් නව රැකියා උත්පාදනයක් හෝ විදේශ ආයෝජන රටට නොපැමිණෙන බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරයි.
රටේ ජනතාවගේ අයිතිවාසිකම් රජය විසින් උදුරාගෙන ඇති බවත් ඉන්ධන මත පනවා ඇති බදු ඉවත් කර වරායට ගොඩබාන මිලට ඉන්ධන ලබාදෙන බවට කළ ප්‍රකාශ අමතක කර ඇති බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරයි.
සමගි ජන බලවේගය රජයක් යටතේ ගම් සහ නගර දියුණු කරමින්, කෘෂිකර්මාන්තය, සේවා සහ කර්මාන්ත ක්ෂේත්‍ර ශක්තිමත් කරන බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරයි.
තවද සමගි ජන බලවේග රජය මන්දපෝෂණය තුරන් කර ජනතාවගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කරන නව බලාපොරොත්තුවක් රටට ලබාදෙන බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරයි.
ජන හමුවක් අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව සඳහන් කරයි.
