පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නුවරඑළිය සහ හැටන් අධ්‍යාපන කලාප වලට අයත් සිංහල සහ දෙමළ මාධ්‍ය පාසල් 13 කට අද (21) දින නිවාඩු ලබාදී ඇත.
ඒ අනුව නුවරඑළිය කලාපයේ පාසල් 156න් පාසල් 4ක් සහ හැටන් කලාපයේ පාසල් 150න් පාසල් 9කට නිවාඩු ලබාදී ඇත.
පවතින අයහපත් කාලගුණයත් සමඟ පාසල් පැවැත්වීම ගැන තීරණය ගැනීමේ බලය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් විසින් විදුහල්පතිවරුන් වෙත පවරනු ලැබුවේය.
මේ අතර මහනුවර දිස්ත්‍රික්කයේ දෙනුවර, ගම්පොළ හා කටුගස්තොට අධ්‍යාපන කලාපවල පාසල් රැසකට අද (21) නිවාඩු ලබාදී ඇත.
ඒ අනුව ගම්පොල කලාපයේ පාසල් 14ක්, දෙනුවර කලාපයේ පාසල් 01ක් සහ කටුගස්තොට කලාපයේ පාසල් 02කට නිවාඩු ලබාදී ඇත.
මධ්‍යම පළාතේ සෙසු පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් තීරණ ගැනීමේ බලය, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ට පවරා ඇතැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය සුරංග ප්‍රනාන්දු සඳහන් කරයි.
