ලබන වසරේ සිට 6 ශ්‍රේණියට නව විෂයක් හඳුන්වාදීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළාය.
ඒ අනුව 6 ශ්‍රේණියේදී ව්‍යවසායකත්වය සහ මූල්‍ය සාක්ෂරතාවය පිළිබඳව නව විෂයක් හඳුන්වාදීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළාය.
නව විෂය මාලා සංශෝධනය යටතේ 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණියට ව්‍යවසායකත්වය සහ මූල්‍ය සාක්ෂරතාවය පිළිබඳ දැනුම ලබාදීමට කටයුතු කරන බවත් එහි පළමු අදියර ලෙස 2027 වසරේදී සියලුම පාසල් දරුවන්ට 6 ශ්‍රේණියේ සිට මෙම විෂය හඳුන්වාදීමට නියමිත බව අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.
එමෙන්ම, පාසල් දරුවන් සහ තරුණ පරපුර කුඩා අවධියේ සිටම ව්‍යවසායකත්වය හා ආයෝජනය පිළිබඳ ප්‍රායෝගික අවබෝධයක් ලබාගැනීම සඳහා Stock Market Game සහ පාසල් ප්‍රාග්ධන වෙළෙඳපොළ සංගම් ඇතුළු වැඩසටහන් දියත් කර ඇති බවද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.
මූල්‍ය සාක්ෂරතාව ලබාදීමේදී ආචාරධර්ම පිළිබඳව අවධානය යොමු කළ යුතු බවත් අනෙකුත් පුද්ගලයන් සූරාකෑමෙන් හෝ වංචා කිරීමෙන් මුදල් උපයා ගැනීම නොව, වගකීමෙන් සහ සදාචාරාත්මකව කටයුතු කිරීමේ වැදගත්කමද තරුණ පරපුරට හඳුන්වා දිය යුතු බවද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.
කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව සඳහන් කළාය.
