හෙට පාසල් පැවැත්වීම ගැන තීරණයක්

LIVE

මේ වනවිට අයහපත් කාලගුණ තත්ත්වයක් පවතින දිස්ත්‍රික්කවල හෙට (21) දිනයේ පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් තීරණය ගැනීමේ බලය පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත ලබාදී ඇත.

මේ සම්බන්ධයෙන් අදාළ බලධාරින් වෙත දැනුම්දී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව සඳහන් කරයි.

මේ අතර නුවරඑළිය කලාපයේ හෙට (21) දිනය තුළ පාසල් පවත්වාගෙන යෑමට අපහසු නම් ඒ පිළිබඳව විදුහල්පතිවරුන්ට තීරණය කිරීමේ බලය කලාප අධ්‍යාපන අධක්ෂවරයා විසින් ලබාදී ඇත.

ඒ අනුව අදාළ පාසල් පවත්වන්නේද, නැද්ද යන තීරණය කිරීමේ බලය අදාළ විදුහල්පතිවරුන් වෙත ලබාදී ඇත.

මේ අතර හෙට (21) දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පලාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

1 Comment
Most Voted
Newest Oldest