LIVE
අල්ලස් කොමිසම විසින් දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා අත්අඩංගුවට ගෙන ඇත.
2019 වසරේ රුපියල් මිලියන 16.5ක දකුණු පළාත් සභා මන්ත්‍රී ප්‍රතිපාදන වලින් දකුණු පළාතේ පොදු ස්වෙච්ඡා සමිති සඳහා පුටු ලබාදීම වෙනුවෙන් නියමිත ප්‍රසම්පාදන ක්‍රමවේදයෙන් බැහැරව නිෂ්පාදිත ආයතනයක් තෝරා ගනිමින් එම ආයතනය වෙත වාසියක් සිදුකිරීම හා දකුණු පළාතේ දිස්ත්‍රික් තුනෙහි පළාත් සභා මන්ත්‍රීවරු 54 දෙනෙකු වෙත එම මිලදී ගන්නා ලද පුටු 16,361ක්, නිවාස කාර්යාල වෙත ප්‍රවාහනය කරවා භාරදීමට සැලැස්වීම මඟින් රජයට පාඩුවක් සිදුකර ඇත.
