LIVE
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ශිරාන් බාසික් ඇතුළු විත්තිකරුවන් තිදෙනාට එරෙහි නඩුවක් අද (08) කොළඹ මහාධිකරණ විනිසුරු නයෝමි වික්‍රමසේකර ඉදිරියේ කැඳවයි.
නඩුව අද (08) කොළඹ මහාධිකරණ හමුවේ කැඳවූ අතර එහිදී පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ රඳවා සිටින ශිරාන් බාසික් අධිකරණයට ඉදිරිපත් කළේය.
අනතුරුව ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ශිරාන් බාසික් ඇතුළු විත්තිකරුවන් තිදෙනාට අදාළ නඩුව යළිත් ඔක්තෝබර් (02) වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර ඇත.
ජාත්‍යන්තර පොලීසිය මගින් රතු වරෙන්තු නිකුත් කර තිබූ ශිරාන් බාසික් පසුගිය මැයි (26) වනදා ඩුබායි පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර අනතුරුව පසුගිය (14) වනදා ඔහු මෙරටට රැගෙන එනු ලැබුවෙිය.
