LIVE
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මේ වනවිට සිටිනා ස්ථානය හෙළිදරව් කිරීමට රාජපක්ෂ පවුලේ සාමාජිකයින් සූදානමක් නැතැයි මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක මනෝජ් ගමගේ සඳහන් කරයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට අවශ්‍ය රැකවරණ ලබාදීම සදහා ශිරන්ති රාජපක්ෂ ඉක්මනින් ආපසු පැමිණෙන බවට තමන්ට දැනුම් දුන් බවද මාධ්‍ය ප්‍රකාශක මනෝජ් ගමගේ සඳහන් කරයි.
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ ලබන (24) වනදා පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂට මේ වනවිට දැනුම් දී ඇත.
මේ අතර ශිරන්ති රාජපක්ෂ සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහල වෙත ඇතුළත් කර විශේෂ වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් සිදුකර ඇති බව වාර්තා වේ.
