කෝටි ගණනක් වංචා කරපු හැටි හෙළිවෙද්දි ශිරන්ති හිරවෙයි

LIVE

හිටපු ජනා­ධි­පති මහින්ද රාජපක්ෂගේ බිරිඳ විසින් ක්‍රීඩා අමාත්‍යංශයට ආනයනය කරන මුවාවෙන් රුපියල් කෝටි ගණනක් බදු වංචා කර සුඛෝ­ප­භෝගී බස් රථ දෙකක් ආනයනය කර කාල්ටන් පෙර පාස­ලට ලබාදීමෙන් සිදු කරන ලද දූෂණ හා මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒකා­බද්ධ විම­ර්ශ­න­යක් ආරම්භ කර ඇත.

ඒ අනුව මෙතෙක් කරන ලද විම­ර්ශන මඟින් අනාවරණය වූ කරුණු අනුව අපරාධ චෝදනා ගොනු කිරී­මට ප්‍රමා­ණ­වත් කරුණු ඇති බවට නීති­පති දෙපාර්තමේන්තුව ලබාදුන් උප­දෙස් අනුව පොලිස් මූල්‍ය විම­ර්ශන ඒක­කය මඟින්ද මේ අක්‍රමිකතා සම්බ­න්ධ­යෙන් විධි­මත් විමර්ශනයක් ආරම්භ කර ඇත.

තවද සිරි­ලිය පද­නම හෙවත් සිරි­ලිය සවිය ජනාධිපති කාර්යා­ලය යටතේ පව­තින කාන්තා සංවි­ධා­න­යක් බවට ඒත්තු ගන්වා මේ මූල්‍ය අක්‍ර­මි­ක­තාව සිදුකර ඇති අතර එනිසා හිටපු ජනාධිපති ලේක­ම්ව­ර­යකු වන ලලිත් වීර­තුංග හා ජනා­ධි­පති ලේකම් කාර්යා­ලයේ අති­රේක ලේකම්වරයෙක් ලෙස කට­යුතු කළ පුද්ග­ල­යකු සම්බන්ධයෙන් විම­ර්ශ­නය කර­මින් පවතියි.

මහින්ද රාජ­පක්ෂ ජනා­ධි­පති ධුරය දැරූ සමයේදී ජාතික ඉති­රි­ කි­රීමේ බැංකු­වෙන් දුන් රුපි­යල් ලක්ෂ සීයක මුද­ලක් සිරි­ලිය පද­නම මඟින් අව­භා­විත කිරී­මක් සම්බන්ධයෙන්ද මූල්‍ය විම­ර්ශන ඒක­කය මඟින් වෙනම පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

මේ අතර සිරිලිය පද­නම විසින් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහ­ලට සී.ටී ස්කෑනර් යන්ත්‍ර­යක් පරි­ත්‍යාග කිරී­මට අවශ්‍ය බව පෙන්වා, ඉදි­රි­පත් වූ ලිපි­යක් අනුව විධි­මත් අයු­රින් කරුණු සොයාබැලීමකින් තොරව එව­කට ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභා­ප­ති­ව­රයා විසින් දෙන ලද වාචික උපදෙස් අනුව එකී මුදල සිරි­ලිය පදනමට පරිත්‍යාග කොට ඇති අතර එකී මුදලින් මිලදී ගත් බව අඟවා හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­ප­ක්ෂගේ පුත්‍ර­ය­කුගේ උපන්දිනය නිමිත්තෙන් එම සී.ටී. ස්කෑනර් යන්ත්‍රය රෝහලට පරිත්‍යග කර ඇති බවද අනාවරණය වී ඇත.

0 Comments
Most Voted
Newest Oldest
⌃ News
📰 Free News Subscription?