පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ සභාපති ධූරය දැරූ සිරිලිය සවිය සංවිධානයේ සිදුව ඇතැයි කියන දූෂිත ගනුදෙනු වලට අදාළව විමර්ශනයක් ආරම්භ කර ඇත.
පසුගිය 2015 වසරේ සිට මෙම විමර්ශනය ක්‍රියාත්මක වුවද, පසුගිය කාලයේදී එහි ලිපිගොනු විවිධ ස්ථානවල සිරවී තිබුණද, යළිත් ආරම්භ කර ඇති මෙම විමර්ශනයේදී අවධානයට ලක්ව ඇති ප්‍රධාන ගණුදෙනු කිහිපයකි.
*රාජ්‍ය ආයතන විසින් සිරිලිය සවිය සංවිධානයට මුදල් බැර කිරීම,
*බදු නිදහස් කරමින් සිරිලිය සවිය සංවිධානයට වාහන ආනයනය කිරීම,
*සිරිලිය සවියේ වාහන සීඑස්එන් (CSN) ආයතනය භාවිත කිරීම,
*රිජ්වේ ආර්යා ළමා රෝහල සීටී ස්කෑන් යන්ත්‍රයක් ලබාදීම සඳහා ආධාර රැස් කිරීම සහ එම මුදල් වැය කිරීම,
*ඒඩ්ස් මර්දන වැඩසටහන් සඳහා ආධාර ලබාගැනීම සහ එම මුදල් වැය කිරීම,
*සිරිලිය සවිය සංවිධානයේ භාණ්ඩාගාරිකගේ ලිපිනය ලෙස දක්වා ඇති ශිරන්ති රාජපක්ෂට අයත් බව කියන කොළඹ නිවසක් පිළිබඳව විමර්ශනය,
*ශිරන්ති රාජපක්ෂගේ ජාතික හැඳුනුම්පත් අංකය ලෙස 222222222V යනුවෙන් අංකයක් සඳහන් කරමින් ආරම්භ කළ බැංකු ගිණුමක් සම්බන්ධව විමර්ශනය,
මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මේ වනවිට සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇත.
කෙසේ වෙතත් ශිරන්ති රාජපක්ෂට ලබන (24) වැනි දින පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය (FCID) හමුවේ පෙනී සිටින ලෙස පොලීසියෙන් දැනුම්දීමක් සිදුකර ඇත.
