LIVE
ශ්‍රී ලංකාවේ විදෙස් නිල සංචිත වත්කම් 2026 අගෝස්තු මාසය අවසන් වන විට අමෙරිකානු ඩොලර් මිලියන 6,905ක් දක්වා 4.6% කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) සඳහන් කරයි.
ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.
2026 ජූලි මාසය අවසන් වනවිට මෙම නිල සංචිත අගය අමෙරිකානු ඩොලර් මිලියන 6,600ක් ලෙස සටහන් වී තිබුණ බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
වර්ධනය වූ විදේශ සංචිත වත්කම් සඳහා චීන මහ බැංකුව සමඟ ඇති කරගෙන තිබෙන මුදල් හුවමාරු පහසුකම යටතේ ලැබුණු ප්‍රතිපාදන ද ඇතුළත් වන බවද මහ බැංකුව සඳහන් කරයි.
