ලංකාවේ ප්‍රසිද්ධ වෙළෙඳසැල් ඇතුලේ රහසිගත ජාවාරමක් හෙළිවෙයි

LIVE

මෙරට ප්‍රසිද්ධ ඇඟලුම් හා විලාසිතා වෙළෙඳසැල් ජාලයකින් මිලදී ගන්නා ලද පාවහන්වල බිල්පත් ඔස්සේ සිදුකළ දීර්ඝ පසු විපරමකින් අනතුරුව, 2026 සැප්තැම්බර් (11) දින දෙහිවල, කවුඩාන ප්‍රදේශයේ පවත්වාගෙන ගිය රහසිගත පාවහන් නිෂ්පාදනාගාරයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් වටලා ඇත.

චීන අකුරු සහ “Made in China” ලේබලය සහිත පෙට්ටියක බහා තිබීම හේතුවෙන් ඉහළ මුදලක් ගෙවා මිලදී ගන්නේ ආනයනික පාවහන් යුවළක් යැයි පාරිභෝගිකයා විශ්වාස කළ හැකි වුවද, විමර්ශනයේදී තොරතුරු රැසක් අනාවරණය විය.

නිමි පාවහන් සඳහා අදාළ ආනයන බදු මඟහැරීමේ අරමුණින් පාවහන්වල අඩි සහ අනෙකුත් කොටස් අමුද්‍රව්‍ය ලෙස වර්ගීකරණය කර වෙන වෙනම මෙරටට ගෙන්වා ඇති අතර එම කොටස් දෙහිවල, කවුඩාන ප්‍රදේශයේ පිහිටි රහසිගත ස්ථානයකදී එකලස් කර අලවා සම්පූර්ණ පාවහන් බවට පත්කර ඇති බවට විමර්ශනවලදී හෙළිවී ඇත.

අනතුරුව මෙරටදී එකලස් කළ පාවහන්වල සැබෑ නිෂ්පාදකයාගේ නම සහ ලිපිනය සඳහන් නොකර “Made in China” ලෙස ලේබල් කර, ප්‍රසිද්ධ වෙළෙඳසැල් ජාල වෙත බෙදාහැර ඇති බවට ද විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇත.

මෙවැනි ක්‍රියාවන් හේතුවෙන් නීත්‍යානුකූලව බදු ගෙවමින් සාධාරණ වෙළෙඳාමේ නිරත වන දේශීය නිෂ්පාදකයින් සහ ව්‍යාපාරිකයින්ටද මෙවැනි ක්‍රියා හේතුවෙන් අසාධාරණ වෙළෙඳ තරඟයකට මුහුණ දීමට සිදුවේ.

පාරිභෝගිකයා භාණ්ඩයේ සැබෑ නිෂ්පාදන මූලාශ්‍රය පිළිබඳ නොමඟ යැවීමට ලක්විය හැකි අතර, පාවහන්වල දෝෂයක් ඇති වූ අවස්ථාවක වගකීම දරන නිෂ්පාදකයා හඳුනාගැනීමද අපහසු විය හැකිය.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතින අතර එම විමර්ශන අවසන් කිරීමෙන් අනතුරුව අදාළ පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.

0 Comments
Most Voted
Newest Oldest
⌃ News
📰 Free News Subscription?