පසුගිය කාලයේ සිදුකරන ලද ගවේශණ වලදී ස්වාභාවික වායු සහ ද්‍රව සොයා ගැනීමට හැකිවීම තුළින් මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් හා ස්වභාවික ගෑස් පවතින බවට තහවුරු වී ඇත.
මෙම ද්‍රෝණියේ ඛනිජ තෙල් බැරල් බිලියන 2ක් සහ ගෑස් ඝන අඩි ට්‍රිලියන 09ක ප්‍රමාණයක් කැණීම් වලින් ලබා ගැනීමට හැකි වෙතැයි දැනට ඇති දත්ත වලින් අනුමාන කරයි.
විශාල ප්‍රදේශයක් ආවරණය වන පරිදි ගවේශණය සිදුකර නොමැති බැවින් නවීන භූ ගවේෂණ හා නව තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ දත්ත එකතු කිරීමට සහ ගවේෂණ සිදු කිරීමට නියමිතය.
ඒ සඳහා ජාත්‍යන්තර සමාගම් වලට අවස්ථාව ලබාදීමටත්, දැනට අධිකාරිය සතු මන්නාරම් ද්‍රෝණියේ භූ විද්‍යාත්මක දත්ත පරිශීලනයට අවස්ථාව ලබාදීමට ද තීරණය කර ඇත.
ඒ අනුව මන්නාරම් ද්‍රෝණියේ මෙම වසරේ ඛනිජ තෙල් ගවේශණ බලපත්‍ර පිරිනැමීම වටය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම පසුගියදා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.
ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය විසින් සංවිධානය කරන ලද අවස්ථාව බලශක්ති සහ ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක, කම්කරු අමාත්‍ය සහ මුදල් ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්තගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙහිදී ජාත්‍යන්තර බලශක්ති සමාගම් සඳහා ගවේශෂ කටයුතු සිදු කිරීමට වර්ග කිලෝමීටර් 34,000කට ආසන්න ප්‍රදේශයක් ආවරණය වන පරිදි මන්නාරම් ද්‍රෝණියේ බිම් කොටස් හතරක් පිරී නැමීමට නියමිතය.
