ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 110ක්

LIVE

දිට්වා හේතුවෙන් දැඩි ලෙස හානි වු මෙරට කිලෝමීටර 600ක මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ලෝක බැංකුව විසින් අමෙරිකානු ඩොලර් මිලියන 110ක මුදලක් අනුමත කර ඇත.

මෙම මුල්‍ය පහසුකම ලැබී ඇත්තේ ජාත්‍යන්තර සංවර්ධන සංගමයේ අර්බුද ප්‍රතිචාර වැඩසටහන යටතේය.

දැඩි ලෙස බලපෑමට ලක්වු ප්‍රජාවන්ට වෙළෙදපොළ, පාසල් සහ සෞඛ්‍ය සේවා වෙත ප්‍රවේශය යථා තත්ත්වයට පත්කිරීම සඳහා අවශ්‍ය මාර්ග ප්‍රතිසංස්කරණය මෙම වැඩසටහන යටතේ ප්‍රමුඛතාව ලබාදී ඇත.

ප්‍රතිසංස්කරණය කෙරෙන මාර්ග දේශගුණික විපර්යාස වලට ඔරොත්තු දෙන ප්‍රමිතීන්ට අනුව ඉදිකිරීමට සැලසුම් කර ඇති අතර වැඩිදියුණු කළ ජලාපවාහන පද්ධති, නායයෑම් වැලැක්වීමේ ක්‍රමවේද සහ නව ඉංජිනේරු තාක්ෂණය ඊට ඇතුළත් වේ.

0 Comments
Most Voted
Newest Oldest