ශ්රී ලංකාවේ ආර්ථිකය පසුගිය අර්බුදයට පෙර මට්ටමට ළඟාවුවද එය අසම්පූර්ණ මට්ටමක පවතින බව ලෝක බැංකුව සඳහන් කරයි.
සමස්ත ආර්ථිකය යථාවත්වීමේ වේගයට සාපේක්ෂව ගෘහ ආදායම් සහ ශ්රම වෙළෙඳපොළ තත්ත්වයන් තවමත් පසුගාමී මට්ටමක පවතින බවද ලෝක බැංකුව සඳහන් කරයි.
2026 වසරේදී දළ දේශීය නිෂ්පාදිතය (GDP) 4.4%කින් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන අතර එය ලබන 2027 වසර වනවිට 4.2% දක්වා අඩුවනු ඇතැයි ලෝක බැංකුව පුරෝකථනය කරයි.
