සුරේෂ්⁣ සලේ CIDයට රැගෙන යයි

LIVE

කොළඹ ජාතික රෝහලේ දින 110ක පමණ කාලයක් රැඳී සිටි හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මීට ටික වේලාවකට පෙර රැගෙන ගියේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ ප්‍රතිකාර ලැබූ  සුරේෂ් සලේට ප්‍රතිකාර සිදුකරන වෛද්‍ය මණ්ඩලයේ වෛද්‍යවරු 10 දෙනෙකුට අද (06) අධිකරණයේ පෙනීසිටින ලෙසට කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා නොතීසි නිකුත් තිබුණේය.

ඒ අනුව සුරේෂ් සලේව කොළඹ ජාතික රෝහලෙන් මුදාහැරිය හැකි බව එම වෛද්‍ය මණ්ඩලය නිර්දේශ කර ඇති බව නීතිපතිවරයා අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇත.

අනතුරුව සුරේෂ් සලේ අද පස්වරුවේ නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගන්නා බව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

0 Comments
Most Voted
Newest Oldest