හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ නීති උපදේශක අසිත් සිරිවර්ධන විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත ලිපියක් යොමු කර ඇත.
සුරේෂ් සලේ ශාරිරික සහ මානසික තත්ත්වය බරපතළ ලෙස පිරිහී ඇති බැවින් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සඳහා රෝහලකට ඇතුළත් කිරීම අවශ්‍ය වන බව අදාළ ලිපිය මගින් නීතිඥවරයා සඳහන් කර ඇත.
සුරේෂ් සලේට සුදුසුකම් ලත් ස්වාධීන වෛද්‍ය වෘත්තිකයින් විසින් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා දිය යුතු බවත් සම්පූර්ණ පරීක්ෂාවක් සහ ප්‍රතිකාර ලබා දිය හැකි සුදුසු රෝහලකට හදිසි මාරුවක් අවශ්‍ය බවද අදාළ ලිපිය මගින් නීතිඥවරයා සඳහන් කර ඇත.
තවද සුරේෂ් සලේ විසින් තම අවසන් කැමති පත්‍රය සහ ඊට අදාළ නිතිමය ලේඛණ සකස් කිරීම සඳහා තම නීතිඥවරයා හමුවීමට අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලා ඇති බවද අදාළ ලිපිය මගින් නීතිඥවරයා සඳහන් කර ඇත.
සුරේෂ් සලේගේ මෙම ප්‍රකාශ සහ තත්ත්වයන් ඔහුගේ ශාරීරික හා මානසික තත්ත්වය බරපතළ ලෙස පිරීහි ඇති බව පැහැදිළිව පෙන්වන බවත් ඔහුගේ යහපැවැත්ම, සෞඛ්‍ය සහ ජීවිතය සම්බන්ධයෙන් තාර්කික තීරණ ගැනීමට ඔහුට තවදුරටත් හැකියාවක් නොමැති බවද අදාළ ලිපිය මගින් නීතිඥවරයා සඳහන් කර ඇත.
