LIVE
ලිට්‍රෝ ගෑස් මිල අඩුකිරීම සැලකිල්ලට ගෙන ප්ලේන් ටී සහ කිරි තේ මිල අඩු කිරීමට සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය තීරණය කර ඇත.
ඒ අනුව ප්ලේන් ටී සහ කිරි තේ මිල රුපියල් 5කින් අඩු කිරීමට තීරණය කළ බව එම සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් සඳහන් කරයි.
තවද අමුද්‍රව්‍ය මිල අඩුවන ආකාරය අනුව ඉදිරියේදී ආහාර මිල ගණන් අඩු කිරීමට කටයුතු කරන බවද එම සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් සඳහන් කරයි.
