LIVE
නීතිවිරෝධී TT (Telegraphic Transfer) ක්‍රමය හරහා අමෙරිකානු ඩොලර් මිලියන 80ක් විදේශීය ගිණුම් වෙත හුවමාරු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත.
පසුගිය 2023 සහ 2025 අතර කාලය තුළ අමෙරිකානු ඩොලර් මිලියන 80 හෙවත් ආසන්න වශයෙන් රුපියල් බිලියන 23ක මුදල එලෙස විදේශීය ගිණුම් වෙත මාරු කර ඇති බව වාර්තා වේ.
අදාළ සිද්ධියට සම්බන්ධ සැකකරු මරදාන ප්‍රදේශයේදී පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) විසින් අත්අඩංගුවට ගෙන ඇත.
