තෙවරප්පෙරුමගේ මරණය ගැන තවත් තොරතුරු.!

හිටපු අමාත්‍යවරයෙකු වන පාලිත තෙවරප්පෙරුම පුද්ගලික වත්තේ කිසියම් කටයුත්තක නිරත වෙමින් සිටියදී විදුලිසැර වැදීමකින් අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් සදහන් කරයි.

අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුමගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන සෙනසුරාදා පවුලේ සුසාන භූමියේදී සිදුකිරීමට නියමිත බව පවුලේ ඥාතීන් සඳහන් කරයි.

පාලිත තෙවරප්පෙරුමගේ වැඩිමහල් සහෝදරයා වන අරුන් තෙවරප්පෙරුම සදහන් කළේ,

” ඔහු පුද්ගලික වත්තේ පොහොර දමමින් වැඩ කර කර හිටියේ. ඒ වත්තේ ආලෝකය සඳහා තැනින් තැනට විදුලිය ලබාගෙන තිබෙනවා. නොදැනුවත්වම බිම තිබුණු එකක් පෑගිලා විදුලි සැර වැදිලා වැටිලා තිබෙනවා. එතන හිටපු සේවකයෝ ඔහුව රෝහලට රැගෙන ගිහින් තිබුණා. දුරත් එක්ක රෝහලට ගේන්න විනාඩි 40ක් විතර ගියා.”  

2010 වසරේ සිට 2020 වසර දක්වා කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ ඔහු ස්වදේශ කටයුතු, වයඹ සංවර්ධන සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් වනජීවි නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් කටයුතු කර ඇත.

Loading

 
 
 
Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close